in

පාඩම් කිරීමට ආශාවක් ඇති කරගන්නේ කෙසේද?

D52DR7 Hispanic girl studying at desk

ඉගෙනීමේ කටයුතුවල යෙදෙන බොහෝ සිසුන්ට ඇති ප්‍රධාන ගැටලු දෙක තුනින් එකක් වන්නේ පාඩම් කිරීමට ආශාවක් නැති කමයි. උනන්දුව හීන වීමයි. පොත අතට ගත්විට නිදිමත හැදීමයි. මේ නිසා ඔවුහු ඉගෙනීම, පොත් පත් කියවීම වධයක් ලෙස සලකා එම අහස යටි සිතෙහි තදබල ලෙස රෝපණය කරගෙන සිටිති. එම උෂ්ට නරක සිතිවිල්ල කෙතරම් තදින් රෝපණය කරගෙන ඇන්ද යත් මේ උදාසීනකම, උකටලීකම යටි සිතෙහි මුල් බැසගෙන ඇත. එසේ නම් කුමක් කළ යුතු ද?

සිත යමකට යොමුකරලීමට, අවධානයේ ඒකාග්‍ර කිරිමට අවශ්‍ය ආරමිභක අවස්ථාව වන්නේ යමක් කෙරේ ආශාවක් වර්ධනය කර ගැනීමයි. සිත ඒකාග්‍ර කිරීම නැතහොත් අවධානය යොමුකරලීම කවර රටකට වුව ද අවධානය වගා කළ හැකි පෝෂණය කළ හැකි හැකියාවකි. වෙනත් අයුරකින් පවසතොත් එය පුරුද්දක් බවට පත් කරගත හැකි ය.

අනිකුත් කවර පුරුද්දක් පරිදිම සාර්ථකත්වය කරා ළඟාවීමට නම් නිරන්තර අභ්‍යාස හා පුහුණුවීම් කළ යුතු ය. නිරන්තර ව නොකඩවා යම් ක්‍රියාවක් හෝ ක්‍ෂේත්‍රයක් පිළිබඳ ව අවධානය යොමු කොට අභ්‍යාස කළ විට එය සිතෙහි ස්ථීර පුරුද්දක් බවට පත් වනු ඇත. පාඩම් කිරීමට කම්මැලි එන්නේ නැතිනම් එක දිගට එක කේන්ද්‍රයක් කෙරෙහි අවධානය යොමු කරගෙන සිටීමට අකැමති හෝ හැකියාවක් නොමැති අය පහත සඳහන් පිළිවෙළට කටයුතු කළහොත් සාර්ථකත්වය කරා යොමුවිය හැකි ය. මේ සරල අභ්‍යාසය අද සිට නොකඩවා ස්ථිර ව කරන්න.    කවරෙකුට වුවත් දවසේ පැය භාගයක් (විනාඩි 30ක්) මේ පුරුද්ද වගාකර ගැනීම සඳහා වෙන් කර ගත හැකි ය. මේ පැය භාගය අනිවාර්යයෙන් ම මෙම පුරුදු පුහුණු කිරීමේ අභ්‍යාසය සඳහා වෙන් කරන්න.

මෙම පැය භාගය ඔබ අභ්‍යාස කරන ක්‍රීඩා පිටිය බවට පත් කර ගන්න. ඔබේ අවධානය කියවීම වර්ධනය කිරීම යන ක්‍රියාව වෙත යොමු කරන්න. ඔබ කියවීමට කැමති රසවත් කෙටිකතා නවකතා හෝ පුවත් පත් මේ අභ්‍යාසය සඳහා පාවිච්චි නොකළ යුතු ය. ඒ සඳහා ඔබට වෙනත් පැය භාගයක්, ඉබේ ලැබෙන පැය භාගයක් වෙන් කළ හැකි ය. නවකතාවක් හෝ කෙටිකතාවක් හෝ කියවීමට කවර හෝ වුව උත්සාහයක් දැරීමට අවශ්‍ය වන්නේ නැත. ඒවා රසවත් නිසා සංක්‍රීය ව ම ඔබගේ අවධානය ඒ වෙත ඇදගනී.

ඒ වෙනුවට ඔබ දැනට කියවීමට ආශා නොකරන විෂය ක්‍ෂේත්‍රයකින් පොතක් තෝරාගන්න. උදාහරණයක් කිවහොත් ඉතිහාසය, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව ආදී ක්‍ෂේත්‍රයක පාඨ ග්‍රන්ථයක් තෝරාගන්න.  සෑම දවසක ම නිශ්චිතව ම වෙන්කරගත් වේලාවෙහි එම පොත කියවීමට එම පැය භාගය වෙන් කරගන්න. එම පොතකින් කොටසක් කියවා එහි එන තර්කය හා අර්ථ නිරූපණය තේරුම් ගන්නට උත්සාහ ගන්න.

මේ පැය භාගය අනිවාර්යයෙන් ම මේ සඳහා යොමු කිරීමට ඔබගේ දැඩි අධිෂ්ඨානය, ආත්ම ශක්තිය මේ වෙත යොමු කරන්න. එම ක්‍රියාවලියට එරෙහි ව කවර තරම් බාධක පැමිණියත්, කම්මැලි හා උදාසීන හැඟීමක් ඇති වුවත් එම ප්‍රයත්නය අතහැරගන්න එපා. එහි දැඩි ලෙස ම එල්බගෙන සිටින්න.

එය පළමු අවස්ථාවේ එතරම් ලේසි පාසු කාර්යයක් නොවනු ඇත. ඒත් තදින්ම එහි එල්ලී සිටින්න. කවර වූ පුරුද්දක් වුව ද ආරම්භ කිරීම එහි මුල් අවස්ථාවේ අසීරු ය. එසේ මනස ප්‍රතික්ෂේප කරන අප්‍රසන්න කාර්යයක් ලෙස ද දැනෙනු ඇත. ශරීරය දැඩි ලෙස පොලඹවනු ලබන අවසානයේ දී මිදෙන්නට බැරි පුරුද්දක් ව ජීවිත කාලය පුරාම ඇම්බැහි වෙන, ඇම්බැහි වීම් වන මත්පැන් හෝ මන්ද්‍රව්‍ය හෝ දුම්පානය පවා ආරම්භක අවස්ථාවේ දී අප්‍රසන්න පිළිකුල් සහගත අත්දැකීම් ජනනය කරයි.

එහෙත් කවර හේතුවක් නිසා හෝ වරක්, දෙවරක්, තෙවරක් එම ද්‍රව්‍යවලට හුරු වුවහොත්, අපහසුවෙන් හෝ හුරු වුවහොත් අනිවාර්යයෙන් ම එය නොමිදිය හැකි පුරුද්දක් වනු ඇත. ඒ ශරීරයෙහි ක්‍රියාකාරී ස්වභාවයයි. මේ න්‍යාය මේ පුරුදු ඇම්බැහි වීම, යහපත් පුරුදු කෙරෙහි ද භාවිත කරන්න. නීතියක් පනවා ගන්න. එක දිනයක් වත් අත නොහරින්නට දැඩි ලෙස පොරොන්දු වන්න. එම නීතිය පනවා ගත් පසු එය අකුරට ම පිළිපදින්න.

      මේනිසා පුරුදු පුහුණු කිරීමට ඔබ නීති දෙකක් රැකිය යුතු . එනම්,

  1. නීතිය –  හැම දිනක නොවරදවා පැය භාගයක් මෙම අභ්යාසය සඳහා යොමු කරමි.
  2. නීතිය –  පළමුවන නීතිය අයුරින් ඉටු කරමි.

මුල දී ඔබට අපහසුවක් වේදනාවක්, පීඩාවක් දැනෙනු ඇත. එහෙත් ක්‍රමයෙන් කාලය යත් ම තමා විසින් ම ගොඩනගාගත් පුරුද්ද කාර්යය ස්ථාවර වනු ඔබට දකින්නට ලැබෙනු ඇත. – මේ අයුරින් නොකඩවා, නීතිය අකුරටම රකිමින් කියවීමට පුරුදු වූ කල්හි එම කාර්යය ඉතා පහසු බව ඔබට දැනෙනු ඇත. කිසිම වෙහෙසක් හෝ උත්සාහයක් නැතිව ම ඒ පුරුද්ද ඔබ තුළ ස්ථාපිත ව තිබෙනු දැකගත හැකි ය.

මේ අයුරින් එම අසීරු අකැමති විෂයයට නිරන්තර ව අවධානය නොකඩවා යොදන ලද නිසා ඔබට අනපේක්ෂිත ත්‍යාග ලබාදෙනු ඇත. ඔබ ඒ පුරුද්දට ආශා කරන්නට තව තවත් යෙදෙන්නට ඔබ කැමති වනු ඇත. ඔබ තුළ ආශාව වගා වූ පසු තවදුරටත් බලයෙන් සිතට වද දිදී එම පුරුද්ද වගා කරගැන්මට උත්සාහ කිරීම අවශ්‍ය නොවනු ඇත.

අනෙක් අතට ඔබ නොදැනුවත්ව ම නව විෂයය තුළින් නව කරුණු රැසක් ම තම දැනුම් ගබඩාවට රැස්කරගන සිටිනු ඔබ ඔබට දක්නට ලැබෙනු ඇත. ඔබට එවිට ඇතිවන සතුට, ප්‍රීතිය, ආලාදය අන් කිසිවකිනුත් ලබාගත නොහැකි වනු ඇත. මේ අභ්‍යාසය අද සිට ම අරඹන්න. නොකඩවා මාස තුනක් උට්ඨාන වීර්යයෙන් එහි යෙදෙන්න. ඔබ ලද ඒ ජයග්‍රහණය සැම දා ඔබ දිනුම් කණුව වෙතට ළඟා කරවීමට හේතු වනු ඇත.

ජපානයේ පාසල් ගුරුවරියක් තම පංති කාමරයේ සිසුන් සමග මෙවන් අභ්‍යාසයක් කළා ය. සෑම දිනකම උදේ නම ලකුණු කරන කාලය තුළ විනාඩි 10ක් පංති විෂයය පොත්වලට බාහිර පොතක කොටසක් කියවීමට ඇය හුරු කළා ය. ගුරුවරියත්, සිසුනුත් එම විනාඩි 10 හැම දිනක ම අනිවාර්යයෙන් ම නිශ්ශබ්දව කියවීමට යොමු කරන ලදි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම සෑම සිසුවෙකු ම විවේක ලද සෑම වෙලාවක ම පොත් කියවීමට හුරු විය.

මෙම උත්සාහය ජපානයේ පාසල් 6000ක මේ වන විට ව්‍යාප්තව ඇති බවත්, එමගින් පොත් කියවීමේ පුරුද්දට ජපන් දරුවන් පහසුවෙන් ම ඇම්බැහි වූ බවත් කියැවේ.
( මේ උත්සාහය අපිත් අත්හදා බලමු. )

By  Hansa Idiketiya

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

34 Comments

Leave a Reply
  1. Thank you, I’ve just been looking for information about this subject for a while and yours
    is the greatest I have discovered till now.
    But, what in regards to the bottom line? Are you certain about the supply?

  2. I’m really enjoying the design and layout of your blog.
    It’s a very easy on the eyes which makes it much more enjoyable
    for me to come here and visit more often. Did you hire
    out a developer to create your theme? Excellent work!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඔබත් සබකෝලය නිසා අපහසුතාවයට පත් වන අයෙක් ද.?

ජීවිතයේ වැඩිම කාලයක් සිදු කරන නින්ද ගැන නොදන්නා දේ