in ,

මානසික ආතතියට මුහුණ දෙන්නේ කෙසේ ද?

මෑත කාලයේ දී වඩ වඩා සාකච්ඡාවට භාජනය වන මානසික පීඩා අවස්ථාවක් ලෙස මානසික ආතතිය (Mental stress) හදුන්වා දිය හැකි ය.

ආතති අවස්ථාවක් යනු ස්වාභාවික, අබුදකාරි හෝ අසහනකාරි අවස්ථාවක් යයි සමහරු වරදවා සිතති. නැත කිසියම් පුද්ගලයකුගේ ශාරීරික හෝ මානසික සුවතාවට තර්ජනයක් වන යම් යම් සිදුවීම්වලට මුහුණ දෙන විට ඇති විය හැකි මානසික අසහනකාරි හෝ අපහසුකාරි තත්ත්වයන් මානසික ආතතීන් වේ” යයි නිවැරැ දිව අර්ථකතනය කරගත හැකි ය. එක ම සිදුවීමක් හෝ අවස්ථාවක් හෝ එක් අයකු තුළ මානසික ආතතිය ඇති කරන්නටත් තවත් අයකු තුළ එසේ අපහසුවක් ඇති නොකරන්නටත් හේතු විය හැකි ය.

යම් කිසි අපහසුතාවකට හෝ බාධාකාරී අවස්ථාවකට මුහුණ දෙන විට ඒ මුහුණ දෙන පුද්ගලයා තුළ යම්කිසි අභ්‍යන්තර හා බාහිර ප්‍රතික්‍රියා සමූහයක් ජනනය වේ. ඒවා අප හඳුන්වන්නේ ආතති ප්‍රතික්‍රියාවන් (Stress responses) ලෙස ය.මේ ප්‍රතික්‍රියා ඇතැම් විට මානසික හෝ කායික හෝ විය හැකි ය. නැතිනම් මානසික හා කායික යන දෙඅයුරින් ම හෝ ඉස්මතු විය හැකි ය.

කිසියම් සේවා ස්ථානයක සේවකයන් තුළ මෙවන් මානසික හෝ කායික ප්‍රතික්‍රියාවක් වර්ධනය වීමට බලපාන හේතු කාරකයන් ඇතිවිය හැකි ය. ඒවා ඇතැම් විට භෞතික හේතු කාරකයත් විය හැකි ය.සේවා ස්ථානයේ අධික ශබ්දය, අධික උෂ්නත්වය, අධික සිසිල, රසායන ද්‍රව්‍යවල ගන්ධය ආදි කොටගත් පරිසරය අප්‍රිය ජනක වීම භෞතික ආනති කාරක ලෙස හඳුන්වත හැකි ය. මානසික ආතතියට වැඩිපුර බලපානුයේ සමාජයීය ආතතිකාරකයන් ය.
      විශේෂයෙන් ම සේවකයන්ට ඉහළ ඉලක්ක කරා ළඟාවීමට සිදුවීමත්, හුදෙක් ආයතනයේ ස්වාමියකු ලෙස නොව නවත් එක යන්ත්‍ර කෑල්ලක් ලෙස සේවය කිරීමට සිදුවීම ප්‍රධාන ගැටලුවකි. තම රැකියාවේ තීරණ ගැන්මට අයිතියක් නැති විට මේ අපහසුතාව වැඩිපුර දැනේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ කාර්යයන් කරන්නට සිදුවීමත් අනෙකුත් අය ගෙන් ලැබෙන සහයෝගය මඳ වීමත් තවත් ප්‍රධාන සාධකයකි. තවත් අයුරකින් පවසතහොත් මානසික තෘප්තියක් නැති පරිසරයක් තුළ ඒකාකාරි කාර්යයන්වල යෙදෙන්නට සිදුවීමත්, යන්ත්‍ර සූත්‍ර සහ ඒවායේ වේගයෙන් ම කටයුතු කරන්නට සිදුවීමත් නිසා මානසික ආතතිය උග්‍රවිය හැකි ය.

රැකියාවේ සුරක්‍ෂිතතාවක් නොවීමත්, උසස්වීම් ලැබෙන ක්‍රමයක් දක්නට නොමැති වීමත්, නිතර නිතර ම අතිකාල සේවාවල යෙදීමට බලකිරීමත්, අනෙකුත් සහෝදර සහෝදරියන්ගෙන් සහාය නොලැබීමත් ආදි හේතු නිසා අප්‍රසන්න සේවා වාතාවරණයක් ගොඩනැවී තිබීම, රැකියාව හා බැඳුන මානසික ආතතියට හේතු විය හැකි ය. මානසික ආතතියේ විද්‍යමාන වන රෝග ලක්‍ෂණ මානසික ආතතිය බැහැරට විද්‍යමාන වන්නේ වෙලාගෙන ය. බොහෝ දෙනකුට පහත සඳහන් ශාරීරික අපහසුතා දැනෙන්නට පටන් ගනී. හිසරදය, ඉරුවාදය, බඩේ දැවිල්ල, තෙහෙට්ටුව, සමේ රෝග (දද, කුෂ්ට) නිදන්ගත රෝග ලක්‍ෂණ, බඩේ අමාරු (මලබද්ධ – පාචනය) පේෂි රිදීම හා විවිධ ස්ථානවල කැක්කුම් ආදිය යමෙකුට ඇතිවිය හැකි ය. මෙයින් බොහෝමයක් ශාරීරික රෝග, මානසික ආතතීන් කායික ව විද්‍යමාන වීම් වේ. ඔබට මෙවන් කායික අපහසුතා දැනේ නම් මානසික අපහසුතාවලට ඔබ මුහුණ දෙමින් සිටින්නේදැයි සිතා බැලීම වටින්නේ ය.

මෙම තාවකාලික හෝ කෙටිකාලින කායික අපහසුතා වලට නිවැරැදි මගපෙන්වීම නොලදහොත් ඒවා දිගුකාලීන අහිතකර ඵල ජනනය කරයි. අධික රුධිර පීඩනය, හෘදය රෝග, දියවැඩියාව, මහාඅන්ත්‍රය හා සම්බන්ධ රෝග, නිදන්ගත වණ ආදිය ඇති කරලිය හැකි ය.


ඉහත කී ශාරීරික අපහසුතා මෙන් ම කෙටිකාලීන ව ඇතිවන මානසික රෝග ලක්‍ෂණ ද පෙන්නුම් කළ හැකි ය.

      නිතර කේන්තියාම, බොහෝ දේ අමතක වීම (පාඩම් ඇතුළුව) ඉච්ඡාභංගත්වය (Frustration) හා කාංසාව (Anxiety) ආදිය මානසික ආතතීන්ගේ රෝග ලක්ෂණ වේ. මේ හා ඇදී යන රෝග ලක්ෂණ වන්නේ මත්පැන් හා මත් ද්රව් වැඩියෙන් ගැනීම, දුම්වැටි භාවිතය, නිදි පෙති ගැනීම, මානසික අවපීඩනයට නැඹුරුවීම, ආත්ම විශ්වාසය අඩුවීම හා අන් අය ගෙන් හුදකලා වීමට ඇති නැඹුරුව ආදිය නිසා සේවා ස්ථානයේ ගැටලු වැඩිවීමත් මෙහි ඇති සරල මානසික රෝග මට්ටමයි.

මෙම සරල මානසික රෝග තත්වයට නිසි සැලැකිල්ලක් අවධානයක් යොමු කර අදාල උපදේශන හෝ මනෝ වෛද්‍ය ප්‍රතිකාර නොගතහොත් ඒ තත්ත්වය තවත් උග්‍ර වී තදබල මානෂීක අවපීඩනය, ගෙදර දොර හෝ සේවා ස්ථානයේ ගැටුම් හා කලබල, නිතර නිතර හදිසි අනතුරුවලට ලක්වීම, මත්පැන් හා මත් කුඩුවලට ලෝලිත්වයක් ඇති කරගැන්ම සහ අනෙකුත් තදබල මානසික රෝගවලට ගොදුරු වීම දක්වා උග්‍රවිය හැකි ය.

මෙවන් අපහසුතාවලට තමන් ලක් වී සිටින බව දැනගත් විට එම තත්වය මනාව වටහා ගෙන විග්‍රහ කර යෝග්‍ය පියවර ගැනීම ඉතා කාලෝචිත ය. එසේ නොමැතිව මෙම ගැටලු උග්‍ර වුවහොත් එය පුද්ගලයකුගේ පරිහානියට හේතු විය හැකි ය. මානසික ආතතිවලට මුහුණ දෙන්නේ කෙසේ ද?

මානසික ආනනි වලට සෑම දෙනාටම මුහුණ දීමට සිදු වේ. ඒ නිසා එවන් අවස්ථා හැමකකින් ම ඉවත්ව සිටිය නොහැකි ය. අනපේක්‍ෂිත අවස්ථාවල දී ආතති ඇතිවිය හැකි ය. ඒ නිසා අප උගත යුත්තේ ආතතීන්ට වඩා හොඳින් මුහුණ දිය හැකි ක්‍රමෝපායන් වැඩි දියුණු කරගැනීමට ය.
    මානසික ආතතිය යම් තරමකින් තිබීම ඵලදායි සහ සතුටුදායක ජීවන පැවැත්මක් සඳහා අවශ්‍ය සාධකයක් වේ. මානසික ආතතිය ඕනෑවට වඩා වැඩි වූ විට හෝ යමෙකුට ඊට මුහුණ දීමට අපහසු වූ විට ය එය හානිකර වන්නේ ඒ නිසා ආතතියට මුහුණ දීමට හුරුවීම වඩා ඵලදායි වේ.

මානසික ආතතිය අප කරන වැඩ කටයුතුවලට හැමවිට ම අහිතකර ලෙස බලපාන්නේ යයි සමහරු සිතති. එහෙත් සත්‍යය එය නො වේ. කිසියම් කාර්යයක් වඩා හොඳින් කිරීමට තරමක මානසික ආතතියක් තිබීම ද අවශ්‍ය ය. කිසිදු ආතතියක් නොමැති විට තමා කරන කාර්යය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකිරීම නිසා අඩු ප්‍රතිඵල ලැබිය හැකි ය. උදාහරණයකින් දැක්වුවහොත් පාසලේ විභාගයකට තරමක් චකිතයක් හෝ බිය ගතියක් හෝ තිබිම උචිත ය. මුළුමණින් ම නොසලකා හරිමින් කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය නො හැකි ය. – එකම සිදුවීමට දෙදෙනකු මුහුණ දෙනුයේ දෙයාකාරයකට නිසා එකම සිද්ධියක් දෙදෙනෙකුට මානසික ආතතිය ඇතිවන ආකාරය වෙනස් විය හැකි ය. “ගින්දර ළඟට බිත්තර කිට්ටු කළ විට ඝන වන බවත්, බටර් කිට්ටු කළ විට දිය වී යන බවත් කියනු ලැබේ. ආතතිය ද එසේ ය. එකම අභියෝගයට මුහුණ දුන් විට සමහරුන් බටර් සේ දිය වී අඩා වැලපෙන අතර සමහරු එඩිතර වූ ගැටලුවට මුහුණ දෙති.

අනෙක් අතට එක ම පුලයා වුව ද විවිධ තත්ව යටතේ, එකම තීව්‍රතාවකින් යුතු මානසික ආතතීන්ට ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් විය හැකි ය. මේ නිසා ආතතිය එක් එක් කෙනාට ඇති වනුයේ සමාන ව නොවන බව පැහැදිලි කරගත යුතු වේ.

මානසික ගැටලුවක් ඇති වී ආනනි තත්වයකට පත් වූ විට ඉන් මිදීමට උචිත ක්‍රමයක් වන්නේ ඒ ගැන තවත් අයකු සමඟ මිතුරකු හෝ උපදේශකවරයකු සමග සාකච්ඡා කිරීමයි. හොඳින් සවන් දිය හැකි, ධනාත්මක සවන් දීම (positive listening) පුහුණු කළ අයකු වූ වේ නම් වඩාත් යෝග්‍ය ය.

පුද්ගල ජීවන සාර්ථකත්වය මනින මිම ගැන ද ඔබට අර්ථවත් පිළිගැනීමක් තිබිය යුතු ය. සමහරුන් සාර්ථකත්වය යයි සිතනුයේ හැකිතාක් තම වෘත්තියේ හෝ ව්‍යාපාරයේ ඉහළ ම තලය දක්වා පිවිසීම මගින් සාර්ථකත්වය ලද හැකි බව යි. එහෙත් එය වැරැදි මතයකි. ජීවිත සාර්ථකත්වය තීරණය වන්නේ පුද්ගලයකු ලබා ගෙන සිටින උසස්වීම් මත පමණක් නො වේ. වෘත්තිය තෘප්තිය හා තමන් කරන දෙය ගැන මානසික ව ශක්තිමත් වීම ද ඉතා වැදගත් ය.

තමාට ඇති ඉහළ ඉලක්ක පුද්ගලයකු තුළ මානසික ආතතීන් වර්ධනය කිරීමට හේතුවිය හැකි ය. දිවා රෑ නොබලා තෙහෙට්ටු වී, වෙහෙස මහන්සිය නොබලා කටයුතු කිරීම, වැඩ කළ යුතු රටාව ලෙස සමහරු සිතති. එහෙත් එක දිගට වුවමනාවට වැඩියෙන් වැඩ කිරීමෙන් කෙනකුගේ ඵලදායිත්වය පහළ වැටේ. ඒ නිසා වැඩ කරන අතරතුර කෙටි විවේකයක් ගත කිරීම වැඩි ඵලදායිතාවයක් ලබා දීමට හේතු වේ.

මානසික ආතතීන් ජය ගැන්මට යෝග්‍ය ක්‍රමය වනුයේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැඩ කිරීමයි. කණ්ඩායම් ක්‍රමයට වැඩ කරනවිට වගකීම බෙදී යයි. එකිනෙකා තම තමා වඩා දක්‍ෂ අංශවලින් වැඩි දායකත්වයක් කරන නිසා අඩු වෙහෙසකින් වැඩි ප්‍රතිඵල සාර්ථකව ලබා ගත හැකි ය. ආයතනවල දියුණුවට ජපන් S5 ක්‍රමය භාවිතය මානසික ආතතිය අවම කිරීමටත්, වැඩි ඵලදායිත්වයක් ඇතිකරලීමටත් උපකාරි වේ.

ඉහත කී ක්‍රම අනුගමනය කිරීමෙන් සහ ආතතිය පිළිබඳ අවදියෙන් සිට ශාරීරික සහ මානසික සුවතාව රැක ගනිමින් කටයුතු කළ විට ආතතිය අවම කර ගෙන පෞරුෂ වර්ධනයක් ඇති කරගත හැකි ය.
By  Hansa Idiketiya

 

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

6 Comments

Leave a Reply
  1. magnificent put up, very informative. I’m wondering
    why the opposite experts of this sector do not realize this.
    You must continue your writing. I’m confident, you’ve
    a huge readers’ base already!

  2. Howdy! I know this is sort of off-topic but I had to ask.
    Does managing a well-established blog such as yours take a massive amount work?
    I am brand new to operating a blog but I do write in my diary everyday.
    I’d like to start a blog so I will be able to share my personal
    experience and feelings online. Please let me know if you have
    any kind of ideas or tips for brand new aspiring blog owners.
    Appreciate it!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නොදන්නා කම නිසා දාගෙන විහින් අමාරුවේ වැටෙන facebook apps

ඒජන්ට්ලට සල්ලි වියදම් නොකර හරි විදියට ඔස්ට්‍රේලියා යන්නෙ මෙහෙමයි.