in

සයුර කැළඹවූ MV Wilhelm Gustloff (ලොව දරුණුතම නාවික ඛේදවාචකය)

Titanic ගැන නොදන්නා කෙනෙක් සොයාගැනීම ඉතාම අපහසු කාරණයක්. අත්ලාන්තික් පතුලට අවසන් ගමන් ගිහින් වසර 106 උනත් Titanic කියන්නේ අදටත් හෙටටත් පුරාවෘතයක්.
ඒ ජීවිත 1500කට අධික ගණනක් අවසන් ගමන් යවමින් සිදුවූ අනතුර නිසා. හැබැයි Titanic වල නැතිවුන ජීවිත ගණන වගේ 6 ගුණයකට අධික ජීවිත ගණනක් මරුකටට යවපු නාවික අනතුරක් ගැනයි මේ කියන්නේ..
මේ තමයි එදා මෙදාතුර නාවික ඉතිහාසයේ තනි නෞකාවක් මුහුණ දුන් දරුණුම ඛේදවාචකය.


නැව තමයි මුලින් Cruiser එකක් විදියට මුහුදට දාපු, පස්සේ රෝහල් නෞකාවක් විදියට සේවය කරලා අවසානයේ ප්‍රවාහන නෞකාවක් බවට පර්වර්තනය කරපු MV Wilhelm Gustloff. ඇය German නෞකාවක්.

රුසියානු රතු හමුදා ජර්මන් බල ප්‍රදේශ යටත් කරගෙන ඉදිරියට ඒම නිසා ජර්මානුන් විසින් දියත් කල Operation Hannibal මුදවාගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි Wilhelm Gustloff
1945 ජනවාරි 30 පෝලන්තයේ Gdynia වල ඉඳල සාමන්‍ය ජනතාව, සිවිල් නිලධාරීන්,ජර්මන් හමුදා භටයන් සහ තාක්ෂණික ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් සමග Baltic මුහුදට අවතීර්ණ වෙන්නේ 6050 පමණක් ලියාපදිංචි කලත් එලෙස ලියාපදිංචි නොකළ පිරිසකුත් ඇතුළුව 10,600ක් පමණ පටවාගෙන.
මුහුදට අවතීර්ණ වී කෙටි වේලාවකින් සෝවියට් සබ්මැරීනයක් වන S-13 විසින් ඇයව දකින අතර පැය 2 කාලයක් එය හඹා යාමෙන් පසුව ඔවුන් torpedo ප්‍රහාර 4 එල්ල කළා..
අවසන් torpedo ව සබ්මැරීනය තුල සිරවුනත් 3ක්ම නෞකාවට කෙලින්ම ගැටී එහි අවසානය සනිටුහන් කලේ ජීවිතාරක්‍ෂක බෝට්ටු වලට හෝ වෙලාවක් ඉතිරි නොකරමින්..

අවසානයේ එහි සිටි 10,600 වූ පිරිසෙන් කුඩා ළමුන් 5000ක් ඇතුළුව 9600ක් පමණ පිරිසක් සමග Wilhelm Gustloff මුහුදු පතුලට ගිය අතර අනෙකුත් ජර්මානු නෞකා විසින් 996 දෙදෙනෙකු බේරාගනු ලැබුවා..
ජීවිත හානි අනුපාතය අනුව මෙය ලොව දරුණුතම නාවික අනතුර ලෙස ඉතිහාසයට එක්වුණා. එමෙන්ම මෙයින් දින 11 පසු මෙම ප්‍රහාරය එල්ල කල S-13 සබ්මැරීනය තවත් ජර්මානු නෞකාවක් වන General von Steuben ගිල්වා දැමු අතර එහිදී 4500 දෙනෙකුට මුහුදු පතුල තම අවසන් වාසස්ථානය බවට පත්වුනා.

By Ashain Laknath

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

6 Comments

Leave a Reply
  1. Great beat ! I wish to apprentice while you amend your web site, how could i subscribe for a blog web site?
    The account helped me a acceptable deal. I had been a little
    bit acquainted of this your broadcast offered bright clear idea

  2. Hey There. I found your blog the use of msn. That
    is a very well written article. I’ll make sure to bookmark
    it and return to learn more of your helpful information.
    Thank you for the post. I’ll definitely comeback.

  3. Hi, i think that i noticed you visited my website thus
    i came to go back the want?.I am trying to to find things to improve my website!I guess its good enough to use a few of
    your ideas!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුද්‍රිත පොත් කියවීම ඊබුක් වලට මාරු කරපු Amazon Kindle

IELTS ලේසියෙන් ගොඩ දාගන්න ගන්න විදිය