in

පරිසරය රකින Nissan Leaf රථය

පසුගිය කාලයේ ලංකාවේ ගොඩක් දෙනෙක් කතා කරපු සහ අවධානය දිනා ගත් වාහනයක් ලෙස Nissan leaf රථය හැඳින්විය හැකිය.

. ලෝකයේ තිබෙන රථ වාහන වලින් පිට වන විෂ දුම අවම කිරීමට හැකි රථ වාහන නිපදවීමට විවිධ ආයතන උනන්දුවක් දක්වනවා. මේ අතරින්  2010 දි මුල් වරට හදුන්වා දුන් Nissan leaf රථය මේ වන විට ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන විදුලි මෝටර් රථය බවට පත්ව තිබෙනවා.

අපේ රටේ තවමත් විදුලියෙන් දුවන මෝටර් රථ අඩුවක් පේන්නට තිබෙනවා. මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙ අපේ රටේ තවමත් විදුලි මෝටර් රථ වලට අවශ්‍ය charging station අඩු වීම සහ එම වාහන නඩත්තු කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම යි. දිනපතා ගමන් කිරීමට ඇති දුර 80km  – 140km ත් අතර නම් විදුලි මෝටර් රථයක් භාවිතය ඉතා සුදුසු ය. 100% පරිසර හිතකාමී වන මෙම රථය කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල භාවිත කිරීම වඩාත් ලාභදායී ය. 2011 සිට 2016 දක්වා මාදිලි වල සම්පූර්ණ batry charge කිරීමෙන් පසු 80km – 160km අතර දුර ප්‍රමාණයක් ගමන් කිරීමේ හැකියාවක් තිබේ. සාමාන්‍ය petrol කාර් එකක් 100km ධාවනය කිරීමේදී රු. 1200/= ක පමණ වැය වෙනවා. එහෙත් nissan leaf රථයකින් 100km ක් ධාවනය කිරීමට වැය වනුයේ  රු. 500 ක ටත් වඩා අඩු මුදලකි. එමෙන්ම මෙම රථයේ, විදුලිය භාවිතා කරන කොටස් seal කර තිබෙන නිසා අධික වර්ෂාවකදි වුවත් ගමන් කළ හැකි ය.

සාමාන්‍යයෙන් මෙම රථය නිවසේ විදුලියට සම්බන්ධ කර charge කිරීමට පැය 4 ක් පමණ ගත වේ. මීට අමතරව 1400cc පමණ engine ධාරිතාවක් ද පවතී. දැනට ලංකාවට මෙම brand new රථ නොගෙන්වයි. ඊට හේතු වී ඇත්තේ ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම යි. නමුත් ඉදිරියේදී මෙම රථ brand new ආකාරයට ගෙන්වීමට කටයුතු කරන බව ලංකාවට රථ වාහන ගෙන්වන සමාගම් ප්‍රකාශ කරයි.

By Hansa Idiketiya

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

6 Comments

Leave a Reply
  1. I also have a Nissan Leaf UK Version, everything is ok, but problem is there is no any rapid charge stations in out of Colombo.Even in Colombo some were already closed(Eg.EV Lanka charge station at Cotta Rd)Specially if we want to travel to Nuwara Eliya. there is no any rapid charge station between Kandy and N’Eliya, Therefore can not travel to N’Eliya by ev. Govt must think about this matter if need to protect environment.

  2. Hi, i feel that i noticed you visited my weblog so i came to go back the

    favor?.I am attempting to find things to enhance my web site!I assume

    its good enough to make use of a few of your concepts!!

  3. Aw, this was an exceptionally nice post. Finding the time and actual effort
    to make a very good article… but what can I say…
    I put things off a lot and don’t seem to get nearly anything done.

  4. I was recommended this blog by means of my cousin.
    I’m not certain whether this put up is written by way of him as nobody else realize such designated approximately my difficulty.
    You’re wonderful! Thank you!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

IELTS ලේසියෙන් ගොඩ දාගන්න ගන්න විදිය

Facebook එකට බොරු news දාල සල්ලි හොයපු කාලේ ඉවරයි