in

විදුලියෙන් දුවන ගුවන් යානා හදන්න සැරසෙන නොර්වේ රාජ්‍යය

අද වන විට ලෝකයේ බොහෝ ක්ෂේත්‍ර පරිසර හිතකාමී විකල්ප වෙත නැබුරු වීමක් දක්නට ලැබෙනවා ප්‍රවාහන ක්ෂේත්‍රයේද මෙම තත්වය එලෙසමයි ප්‍රවාහන ක්ෂේත්‍රයේ බොහෝ අංශ පරිසර හිතකාමී විකල්ප වෙත නැබුරු වීමක් දක්නට ලැබෙනවා උදාහරණ වශයෙන් මේ වන විට ලොකය පුරාම ජනප්‍රිය වෙලා තියන nissan leaf රථය හදුන්වන්න පුළුවන්

මීට අමතරව විදුලි දුම්රිය ආදියද හදුන්වා දෙන්න පුළුවන් පරිසර හිතකාමී ප්‍රවාහන විකල්ප වෙත නිෂ්පාදකයන්ගේ උනන්දුව කොතරම්ද යත් මේ වන විට ගුවන් යාන ප්‍රවාහන ක්ෂේත්‍රයද මේවැනි විකල්ප ක්‍රම කෙරෙහි අවදානය යොමු කරලා තියනව පරිසර හිතකාමී ගුවන් යාන ප්‍රවාහන ක්ෂේත්‍රය ගැන අපිට මේ ආරංචිය ලැබෙන්නේ නොර්වේ රාජ්‍යයෙන්,නොර්වේ රාජ්‍ය තුළ කෙටි දුර ගුවන් ගමන් සදහා යොදා ගන්නා යානා සියල්ල 2040 වසර වනවිට විදුලි බලයෙන් ක්‍රියාත්මක ගුවන් යානා බවට පත්විය යුතු බව එරට රාජ්‍ය ගුවන් සේවා මෙහෙයුම් සමාගම පවසා තිබෙනවා. ඒ අනුව විදුලි බලයෙන් ක්‍රියාත්මක ගුවන් යානා භාවිතා කරන ලොව ප්‍රථම රට බවට පත්වීම නොර්වේහි අරමුණ වී තිබේ මෙහිදී එම සමගම පැය 1.5ක පමණ කෙටි ගුවන් ගමනක් මෙලෙස සම්පුර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක යානා මගින් සිදුකළ හැකි බව පෙන්වා දෙයි. ඒහිදී රට තුල සිදුකරන සියලුම අභ්‍යන්තර ගුවන් ගමන් මේ හරහා ආවරණය කල හැකි වෙතැයිද , මෙහි ආරම්භය ලෙස වසර 2025 සිට ආසන 19කින් යුත් කුඩා ප්‍රමාණයේ විදුලි ගුවන් යානා පියාසැරියට එක් කිරීමටත් නියමිතව ඇත. නොර්වේ රාජ්‍යය මේ වනවිට විදුලි ප්‍රවාහන ක්ෂේත්‍රයෙන්ද ඉදිරියෙන් සිටී.

By Chanuka Wijesundara

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

3 Comments

Leave a Reply
  1. Have you ever thought about creating an e-book or guest authoring on other websites?

    I have a blog based upon on the same ideas you

    discuss and would love to have you share some stories/information. I

    know my visitors would enjoy your work. If you’re even remotely interested,

    feel free to shoot me an email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ජනපති කෙනඩිගේ අන්තඃපුර

නොදන්නාකම නිසා විදුලි බිල වැඩිවෙන මේ දෙවල් ඔබත් කරනවද?