in

ඔබටම කියල කෘත්‍රිම බුද්ධියක් හදාගන්න

පරිගණක තාක්ෂණය භාවිතා කිරීම යනු පරිගණක යන්ත්‍රය සමග සිටිමින් නොයෙක් පරිගණක වැඩසටහන් වලින් ප්‍රයෝජන ගැනීම පමණක්ම නොවේ. එදිනෙදා ජීවිතය පහසු කරන උපාංග හැසිරවීමත් එයට අයත්ය. ඒ වෙනුවෙන් පරිගණක තාක්ෂණය යොදා ගැනීම යනු කෘත්‍රිම බුද්ධිය (AI- Artificial Intelligence) යොදා ගැනීමයි. මෙම කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට ඉගැනීම, අනාගත පරිගණක විදඥයෙක්වීමට හොඳම මගයි. එහෙත් එය ඉගැනීමට අද තිබෙන අධ්‍යාපනික මෙවලම් ගණන අත ලොස්සකි. මෙම අඩුපාඩුව මග හරවමින්, කෘත්‍රිම බුද්ධි යෙදුම් භාවිතා කරන ආකාරය ළමයින්ට සහ ආධුනිකයින්ට ඉගෙනීම පහසු කරන අධ්‍යාපනික මෙවලම් තැනීම දැන් ගුගල් සමාගමෙන් අරඹා තිබේ. ඒ ගූගල් සමාගම් ඒ අයි වයි ව්‍යාපෘතිය (aiyprojects.vithgoogle. com) යටත්තේය.


යම් වැඩක් තමන්ටම සම්පුර්ණ කර ගත හැකි සේ ඉදිරිපත් කරන උපදෙස් මාලාවක් ඩී අයි වයි (DIY – Do It Yourself ලෙස හඳුන්වයි. ඒ ඌරුව අනුව යමින් කෘත්‍රිම බුද්ධි (Al) වැඩ තමන්ටම (Y) කර ගත හැකි සේ සකසා ඇති උපදෙස් සහ උපාංග මාලාවක්ය යන තේරුමින් මෙම ව්‍යාපෘතිය AIY ලෙස නම් කර තිබේ. මෙහිදී ඉදිරිපත් කර ඇත්තේ විශේෂ දෘඩාංග සහ මෘදුකාංග කට්ටල දෙකකි. ඉන් එකකින් කට හඬින් විධානදී විවිධ උපාංග හසුරුවන්නට පුළුවන. එය වොයිස් කිට් (Voice Kit) ලෙස හඳුන්වයි. අනෙක යොදා ගෙන විවිධ වස්තු හඳුනා ගැනීමෙන් පසුව විධාන ක්‍රියාත්මක කරවන්නට පුළුවන. එය විෂන් කිට් (Vision Kit) ලෙස හඳුන්වයි.
මෙම උපාංග කට්ටල දෙකේම ඇති සමානත්වය, එය කෘත්‍රිම බුද්ධි මෙවලමක් වීමම පමණක් නොවේ. තවත් සමානතා ගණනාවකි. වොයිස් කිට් එක මෙන්ම විෂන් කිට් එකක් ක්‍රියාත්මක කරවන පරිගණක පුවරුව වෙන්නේ, රාස්බෙරි පයි පරිගණක පුවරුවයි. මෙම පරිගණක පුවරුවට සම්බන්ධ කරන අමතර උපාංග කීපයකි. ඒ සියල්ල එකලස් කර කාඩ්බෝඩ් පෙට්ටියක ඇසිරිය හැක. එවිට කෘත්‍රිම බුද්ධි මෙවලම සැකසෙයි. මෙම මෙවලම සහ ඊට අවශ්‍ය කරන අනෙක් උපාංග කට්ටලය bit.ly/2qVjiKo යන වෙබ් ලිපිනයවෙබ් බ්‍රව්සරයේ ලියා සර්ච් කළ විට යොමු කෙරෙන ටාගට් (target.com) වෙබ් අඩවිය ඔස්සේ ඇනවුම් කර ලබා ගත හැකි යැයි ගුගල් සමාගම නිවේදනය කරන්නීය.
විෂන් කිට්
එකලස් කළ විට කෘත්‍රිම බුද්ධි කැමරාවක් ලැබෙයි. මෙහිදී කැමරාව වශයෙන් යොදා ගත යුත්තේ රාස්බෙරි පයි කැමරාවකි. එම කැමරාව විෂන් බොනට් (Vision Bonnet) නම් විශේෂ පරිපථ පුවරුවකට සම්බන්ධ කළ යුතුය. එයට කාච පද්ධතියක් (macro/widelens kit) සම්බන්ධ කළ හැක.
ස්පීකරයක්ද (Piezo speaker) සම්බන්ධ කළ හැක. සම්පූර්ණ උප කරණයම ක්‍රියාත්මක කරවනු පිණිස විදුලි බොත්තමක් (RGB Arcade style button) වෙයි. මෙම මුළු පද්ධතියම ක්‍රියාත්මක කරවිය යුත්තේ මයික්‍රො යූඑබී පවර් කේබලයක් හරහා විදුලිය ලබා දෙමිනි. එනම් සාමාන්‍ය ස්මාට් ෆෝන් ඇඩැප්ටරයක් වුව සෑහේ.


මෙම උපාංග සියල්ල එකලස් කර ගන්නා ආකාරය හා සම්බන්ධ වීඩියෝ මෙන්ම රූපසටහන්ද ගුගල් වෙබ් අඩවියෙන් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව යමින් එකලස් කර ගන්නා විෂන් කිට් උපාංගය කාඩ්බෝඩ් බාහිරාවරණයකින් යුත් කැමරාවකි. එය විශේෂ ඇප් එකක් ඔස්සේ ස්මාට් ෆෝනයකට හෝ පරිගණකයකට හෝ සම්බන්ධ කර හැසිරවිය හැක. මෙම කැමරාවට කෘත්‍රිම බුද්ධ තාක්ෂණය හෙවත් යාන්ත්‍රික ඥානය (machine learning) අනුව වස්තු හඳුනා ගත හැක. එනම් මෙයට පරිගණක දෘෂ්ටිය (computer vision) තිබේ. එයට අනුව සෑම වර්ගයකම පාහේ ශාක සහ සතුන් වෙන් කර හඳුනා ගන්නට පුළුවන. ස්ථාන හඳුනා ගත්නට පුළුවන. යම් ශාකයක් වෙත විෂන් කිට් කැමරාව හරවා එහි ඇති බොත්තම තද කළ විට හඳුනා ගැනීම ඇරඹි, පරිගණක තිරයෙන් හෝ ස්මාට්ෆෝනයෙන් විස්තර පෙන්වයි. දැන් එය හරහා කැමරාව හසුරුවන්නට පුළුවන. මෙම කැමරාව නිවසේ විවිධ ස්ථානවල පිහිටුවා පුද්ගලයින් සහ සතුන් හඳුනා ගන්නට යොදා ගත හැක. තම සුරතල් සතා කුඩුවේ සිටීද නැද්ද යන්න හඳුනා ගෙන දන්වන්නට මෙම කැමරාව සමත්ය. කාමරයක් වැනි ස්ථානයකට යමෙක් පැමිණේද යන්න හඳුනා ගත හැක. එසේම විෂන් කිට් පද්ධතියට දත්ත ලබාදී. නිවසට ඇතුළු වෙන්නේ කවුදැයි හඳුනා ගෙන දන්වන්නට පවා පුළුවන.
වොයිස් කිට්
වොයිස් කිට් කට්ටලය එකලස් කළ විට එය කෘත්‍රිම බුද්ධි හඩ හඳුනා ගන්නා (voice recognition) උපාංගයකි. එමගින් මිනිසා සහ යන්ත්‍රය අතර සන්නිවේදන සම්බධය (human to machine interaction) ගොඩනංවන ආකාරය තේරුම් ගත හැකිය. මෙයද කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ එකලස් කර ගත හැක්කකි.

මෙහි ප්‍රධාන පරිපථ පුවරුවවොයිස් හාඩ්වෙයා ඇසෙසරි (voice hardware accessory) ලෙස හඳුන්වයි. කනෙක්ටර් වලින් පහසුවෙන් සම්බන්ධ කළ හැකි මයික්‍රොෆෝනයක් (dual mic) වෙයි. මෙයට ශබ්දය ලබා, රඳවා ගෙන නැවත එය නිකුත් කළ (audio capture and playback)හැකිය.
මෙම වොයිස් කිට් උපාංගය යොදා ගෙන කට හඩින් දෙන විධාන පිළිපදින තවත් පද්ධති ගණනාවක් සැකසිය හැක. කට හඬින් දෙන විධානය අනුව දැල්වෙන විදුලි බුබුළු, වැසෙන විවෘත වෙන ඉලෙක්ට්‍රොනික් දොර අගුළු යනාදී වශයෙනි. | දැන් ගූගල් සමාගම කියන්නේ මෙම විෂන් කිට් සහ වොයිස් කිට් කට්ටල භාවිතා කිරිමට උගන්නා දරුවන්, කෘත්‍රිම බුද්ධි යෙදුම් යනු මිනිසාගේ පාලනය යටතේ ති බෙන තාක්ෂණික යෙදුමක් බව මනා සේ අවබෝධ කර ගනු ඇත. කෘත්‍රිම බුද්ධි උපාංගයක් යනු හුදෙක් රොබෝ යන්ත්‍රයක් පමණක් නොවේය යන්නද ඔවුහු උගනිති. අනෙක් අතට රොබෝ යන්ත්‍ර දියුණුවී අවසානයේදී ඒවා මිනිස් සමාජය ආක්‍රමණය කරනේය යනුවෙන් විද්‍යා ප්‍රබන්ධ කතාවලින් මවා තිබෙන ‘රකුසු රුව’ සැබෑවක් නොවෙන බවද දරුවන් උගනී. .එතැන් සිට ඔවුන් කල්පනා කරනු ඇත්තේ කෘත්‍රිම බුද්ධිය, අනාගතයේදී ලෝකයාට සේවය කළ හැකි හොඳම තාක්ෂණික මාර්ගය නිසා එය උගත යුතු බවයි. මෙම ව්‍යාපෘතියෙන් ගුගල් සමාගම අපේක්ෂා කරන්නේ අනාගත ලෝකට ඇවැසි තාක්ෂණ ඥයින් වෙනු පිණිස දරුවන් තුළ විශ්වාසය වඩවාලීම යැයි. ව්‍යාපෘතියේ ප්‍රධානී බිලී රලෙජ් ජන මාධ්‍ය වෙත කියා තිබුණි. ”

By Chanuka Wijesundara

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

2 Comments

Leave a Reply
  1. Hey there I am so happy I found your web site, I really found you by mistake, while I was browsing on Bing for something
    else, Anyways I am here now and would just like to say thanks
    for a tremendous post and a all round interesting blog (I also love the theme/design), I don’t have time to read it all at
    the minute but I have saved it and also added
    your RSS feeds, so when I have time I will be back to read a lot more, Please do keep up
    the awesome job.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණයට යන්න කලින් කියවල යන්න

ඔබේ මුදල් අර්ථවත් ලෙස පරිහරණය කළ හැකි මග