in

කසාද බදින්න පොරොන්දම් ඕනෙමද?

අපි දෙන්නගේ පොරොන්දම් ගැලපුනේ නෑ. බැන්දොත් එක් කෙනෙක් මැරෙනවා කිව්වා.සම්බන්දය නතර කළේ ඵ් නිසයි. ජිවතයේ වැදගත් අවසථා වල ඵවැනි තීරණ ගැනීමට සිදුවන උදවිය ගැන අපට අසන්නට ලැබෙනවා “පොරොන්දම් ගැලපීම” ඵ් තරම් දේවත්වයෙන් ඇදහිය යුතු කාරියක් දැයි බොහෝ අය ප්‍රශ්න කරන්නේ ඵ් වගේ අවස්ථාවලදියි පොරොන්දම් බැලීමටත් වඩා දෙදෙනෙකුගේ හදහන් වල ග්‍රහ තත්වය පරීක්ෂාවට ලක් කොට ව්වාහයක් සදහා අනුමත කිරීම වඩාත් යෝග්‍ය බැව් ප්‍රවීණ ජොතිශාස්ත්‍රයින් පවා පිළිගන්නවා. පොරොන්දම් බැලීම දෙවනුව කළ යුතු බවයි ඹවුන්ගේ අදහස. මෙය ප්‍රධාන හේතුවක් ව් තිබේන්නේ.පොරොන්දම් බැලිම පුරාණ ඉන්දීය බමුණු කුලයේ චාරිත වලට අවශ්‍ය පරිදි සකස් කළ යල් පැනගිය ක්‍රමයක් වීමයි. එසේ අන්ධානුකරනයෙන් හෝ පොරොන්දම් බැලීම මත ජිවිතයේ වැදගත් තීරණ ගන්නා උදවියට ඵහීදි කෙරෙන්නේ කුමක්දැයි සාමාන්‍ය අවබෝධයක් තිබිම අවශ්‍ය වෙනවා. ඵ් නිසා ඵ් ගැන අපි මදක් සොයා බලමු.

විසි පොරොන්දම
කෙනෙකු උපත ලබන්නේ කිසියම් නැකතකිනි. අස්වියද,බෙරණද, කැති ආදී ඵ් නැකත් 27 ට අයත් වන පොරොන්දම් වෙන වෙනම දක්වා තිබෙනවා. ඵ් නිසා දෙදෙනෙකු නැකත් 2ක උපන් විට පොරොන්දම් අවස්ථා ව්ව්ධයි. ගණ,රාශි,රජ්ජු,නාඩි වශයෙන් ඒවා වෙන වෙනම ගෙන පොරොන්දම් නීතිරීති වලට අනුව ගැලපීම පොරොන්දම් පරීක්ෂාව ලෙස හදූන්වනවා. උදාහරණයක් ලෙස රජ්ජූ පොරොන්දම සැලකුවොත්, දෙදෙනාම එකම රජ්ජුවක වීම අශූභ බවත් වෙනස් රජ්ජුවල වීම ශූභ බවත් මධ්‍යස්ථ ඵල ලබාදෙන ක්‍රම කිහිපයක් ඇති බවත් නීතිරීති වල සදහන් කොට තිබෙනවා.
වැදගත්කම
පොරොන්දම් 20 අතුරින් 14ක් හෝ 16ක් ගැලපුණු විට ඵ් විවාහය අනුමත කළ හැකි යැයි ඇතැම් ඇදූරන් නිර්දේශ කරනවා. කෙසේ වෙතත් සියල්ලම වැදගත් පොරොන්දම් නොවන බවත් නාඩි, යෝනි, නැකත්, වශ්‍ය, රාශි සහ ගණ ආදී පොරොන්දම් කිහිපයක් පමණක් වැදගත් ඒවා වන බවත් බොහෝ විට පිළිගැනේනවා.ගැලපුණු පොරොන්දම් ගණන අඩු සංඛ්‍යාවක් වුවත් ඒ අතර එකී නම් සදහන් පොරොන්දම් තිබේ නම් එය සුදුසු විවාහයක් ලෙසට ඇතැම් ඇදුරන් නිර්දේශ කරන්නේ ඒ නිසයි.

රැධිර පරීක්ෂාව හා ලිංගික ශක්තිය
ඉහත පොරොන්දම් කිහිපය වැදගත් වන්නේ ඇයි දැයි දැන් අපි සොයා බලමු. නාඩි පොරොන්දමෙන් දෙදෙනාගේ රැධිර පරීක්ෂාවට ලක් වන බව පැවසෙනවා. එකම නාඩි සහිත යුවලකගේ දරැවන්ට වා, පිත්, සෙම්, රෝග සෑදීමට ඉඩකඩ තිබෙන අතරම උපතින් රෝගී තත්ත්ව සහිත දරැවන් බිහිවීමට ද ඉඩ තිබෙනවා. යෝනි පොරොන්දම මගින් දෙදෙනකු අතර ලිංගික ජිවිතයේ ගැලපීම සොයා බැලෙනවා. “ලිංග“ නැමැති පොරොන්දමෙන්ද මේ කාර්යය ඉටුවන බව සමහරැ පවසනවා. විවාහ ජිවිතයේ පැවැත්මට මෙය ගැලපීම අත්‍යවශ්‍ය ලෙස සලකන්නේ. ගණ පොරොන්දමට අනුව දේව, මනුෂ්‍ය, රාක්ෂ යනුවේන් පුද්ගලයින් තුන් කොටසකට බෙදනවා. එය හුදෙක් සංකේත නම් 3ක් පමණයි. මෙම ගණ සමාන අයගේ දරැවන් මව්පිය මුහුණුවරට ඉතාමත් සමීප බව කියනවා. දෙදෙනනා අතර අනොන්‍ය ආකර්ශණය හෙවත් වශි වීම, වශ්‍ය පොරොනම මගින් ද ගලපාගත යුතු බව දැක්වෙනවා.

ව්වේචනය
කෙසේ වෙතත් ඉන්දියානු බමුණු කුලයේ අවශ්‍යතා අනුව සකස් කළ ක්‍රමයක් වීම නිසාම අදට නොගැලපෙන පොරොන්දම් ගණනාවක්ම මේ ක්‍රමය තුළ තවමත් භාවිතයේ පවතිනවා “ආයුෂ පොරොන්දම” මගින් ස්ත්‍රියට වඩා පුරැෂයාට වැඩි ආයුෂ තිබේනම් විවාහයට සුදුසු යයි නිර්දේශ කර තිබීම එක් නිදසුනක්. සති පුජාවට හසු නොවන පරිදි විවාහයක් සිදුකිරීමට එම පොරොන්දම නිර්මාණය කළ බමුණන් බලාපොරොත්තු වන්නට ඇති.
පෙර කළ කර්ම විපාකදීම
පෙර විසු අන්දම ගැන කියැවෙන බැවින් “පොරොන්දම” යයි නම් කළ බවත ප්‍රචලිත මතයකි. පෙර ආත්ම වල කරන ලද පින් පව් අනුව කේන්දරයේ ග්‍රහ පිහිටිම් සකස් වෙනවා නම් පොරොන්දම් ගැලපීම හෝ ග්‍රහ පිහිටිම් ගැලපීම “කමකට ඇති කාරියක්” දැයි ඇතැමේකුට සිතේන්නට පුළුවන. එහෙත්, පොරොන්දම් බැලීම මගින් විවාහ ජිවිතයේ ඉදිරියට සිදුවිය හැකි හොද-නරක කල් ඇතිව දැනගැනීමට හැකි වීම නිසා හිතට ධෛර්යයක් ගෙන ගමන් කිරීමේ ශක්තිය ලැබෙයි. ලිස්සන සුළු තැනක සෙමින් ගමන් කරන්නටත් වේගයෙන් යා හැකි තැනක ඉක්මණින් ගමන් කරන්නටත් හැකියාව ලැබෙන්නේ කල් ඇතිව ගමන් මග පිළිබද අවබෝධයක් ලදහොත් පමණි. පෙර අකුසල කර්ම වලට මේ ආත්මයේදී වන්දි ගෙවිය යුතු බැව් බුදු දහමේන්ද උගැන්වෙනවා. නමුත් කර ඇති අකුසලයේ විශාල හෝ කුඩා බව ජොතිෂයෙන් දත හැකියි. කුඩා අකුසල කර්මයක් නම් ඉන් මිදීමට භාවනා , ශාන්තිකර්ම ආදී පිළිවෙත් පිරිය හැකියි.

කුජ හතේ ද? සෙනසුරැ හතේ ද?
මේ ලිපිය මුලදීම සදහන් කළේ පොරොන්දම් බැලීමටත් වඩා ග්‍රහ පිහිටීම් වල තත්ත්ව පරීක්ෂා කිරීම වැදගත් බවයි. කේන්දරයක හත අට ආදී විවාහයට බලපාන රාශිවල කුජ, සෙනසුරැ ආදී ග්‍රහයින් සිටිම, විෂ කන්‍යා යෝගය, කුජ- සිකුරැ යෝගය ආදී ලෙස සමහරැ අසුබ යැයි කියන ග්‍රහ පිහිටිම ගැන සොයා බලන්නේ එම අවස්ථාවේදියි

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

3 Comments

Leave a Reply
  1. I’m pretty pleased to uncover this page. I need to to thank you for ones time for this fantastic read!!
    I definitely enjoyed every little bit of it and I have
    you book marked to look at new information on your site.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඇතැම් සිදුවීම් සිදුවන විට මෙය මීට පෙර මෙලෙසම සිදුවූවා නේද, ලෙස අපට හැගෙන්නේ ඇයි.?

ලංකාවට ආපු ලොව විශාලතම ගුවන් යානය