in

ජීවිතයේ වැඩිම කාලයක් සිදු කරන නින්ද ගැන නොදන්නා දේ

පුද්ගලයෙකුගේ ජීවිත කාලයේදී වැඩිම කාලයක් වැය කරනුයේ නිදාගැනීම සඳහා බව ඔබ දැන සිටියාද.?

දිනපතාම නොවරදවාම නින්දට වැඩි කාලයක් වෙන් කරන ඔබට මේ නින්ද අවශ්‍ය වන්නේ කුමක් නිසාද.? නින්දේදී අප ශරීර අභ්‍යන්තරයේ සිදු වන්නේ කුමන ක්‍රියාවලියක්ද.? සහ නින්දේදී සිදු වන ස්වසන අපහසුතා සිදුවන ආකාරය පිළිබඳ අප දැන් විමසා බලමු.

පුද්ගලයෙකුගේ ජීවිත කාලයෙන් වැඩිම කාලයක් වැය කරන්නේ නිදා ගැනීම සඳහා බව දැක්වීම තුළම නින්ද අපේ ජීවිත වලට අත්‍යවශ්‍යම අංගයක් බව මනාව පැහැදිලි වේ.අප දවස පුරා සිදු කරන   ශරීරයේ සියලුම ක්‍රියාවලින් එනම් හුස්ම ගැනීම , හෘදය වස්තුව ක්‍රියා කිරීමේ සිට මොළයේ සියලුම ක්‍රියාකාරකම් හා  ශරීරයේ උෂ්ණත්වය පවත්වාගෙන යාම ආදී අපට පෙනෙන නොපෙනෙන සියලුම හෝර්මෝන ක්‍රියාකාරීත්වයන් දිගින් දිගටම පවත්වාගෙන යාමට  ශරීරය නැවත ප්‍රකෘති තත්වයට පත් කර ගැනීමට සිදු කරන විවේකය නින්ද ලෙස හඳුන්වයි.

ළදරුවෙන් උපතේදී ජීවිතයේ පළමු මාසයම පුරාම වැඩි වශයෙන් සිදු කරයි.  මෙම කාලය තුළ බිළිඳාගේ මොළයේ වර්ධනය ඇතිවීම සිදු වේ. එයද නින්දේ වැදගත්කම පෙන්වා දෙන්නකි.

නින්දේදී ශරීර අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය මෙලෙස දැක්විය හැකියි. භාහිර පරිසරයත් සමග අප ගනුදෙනු කරන ශරීරයේ විවිද අංග එනම් ඇස්, අත්, පා, කන් ආදී අංගවල ක්‍රියාවලින් ක්‍රමානුකූලව වසා දමා ඒවාට විවේකයක් ලබා දීම නින්දේ අරමුණ වේ. නමුත් හෘදය වස්තුව ක්‍රියා කිරීම, ස්වසන ක්‍රියාවලිය, රුදිර සංසරණය ආදී ක්‍රියාවලීන් නොනවත්වා ක්‍රමානුකූලව ක්‍රියා කරයි.

නිදාගැනීමේ ක්‍රියාවලිය චක්‍රාකාරව සිදුවන්නකි. පුද්ගලයෙක් ප්‍රථමයෙන්ම අවදි අවස්ථාවේ සිට පියවර 4 ක් ගැඹුරු නින්දට යයි. ඉන් අනතුරුව නැවත අවධි අවස්ථාවට කිට්ටු අවස්ථාවට ගමන් කරයි. එම ස්ථානයේ විනාඩි කිහිපයක් ගත කර නැවත ගැඹුරු නින්දට පියවර 4ක් පහලට ගමන් කරයි. මේ අයුරින් චක්‍රාකාරයෙන් නිදා ගැනීමේ ක්‍රියාවලිය සිදු වේ. පැයක පමණ නිදා ගැනීමේ කාලයකදී මෙම ක්‍රියාවලිය පස් වතාවක් පමණ සිදු වේ. නින්දේ ප්‍රබේදයෙන්

අනුව හෘදය වස්තුව චලනය වන වේගය වෙනස්  වේ.

නින්දේ ඇතිවන ස්වසන අපහසුතා  පිළිබඳ ඔබ දැනුවත්ද.?

නින්දේදී ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය ඉතාම ක්‍රමානුකූලව සිදු වේ. ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලියේදී නාසයේ සිට පැමිණෙන වායු ධාරාව  ස්වාස නාලය ඔස්සේ පෙණහළු තුළට ගමන් කොට නැවත පැමිණීම සිදු වේ. කුමන හෝ අයුරකින් මුඛය තුළ තිබෙන දිව නින්දේදී සිදුවන මාංශ පේශී ලිහිල් වීම නිසා දිව ස්වසන මාර්ගය මතට පතිත වීමෙන් ස්වසන ක්‍රියාවලියට බාදා  ඇති විය හැකියි. එනිසාවෙන් හොඳ නින්දකට බාදාවකින් තොර මනා ස්වසන ක්‍රියාවලියක් පැවතිය යුතුයි.

නින්දේදී ගෙරවීම අන් අයට මෙන්ම ගොරවන පුද්ගලයාට ද අහිතකර ක්‍රියාවලියකි. පුද්ගලයෙකුගේ මුඛ මාර්ගය හා නාසය වෙන් කරන කොටසේ ඇති උඩු තල්ල හා දිවේ පිටුපස ඇති කොටස අතර ඇති මාංශ පේශීන් ලිහිල් වේ.  ඒ තුළින් හුස්ම පිටවීමේදී එහි සිදුවන කම්පනය ගෙරවීම ලෙස හඳුන්වයි. මෙමගින් හුස්ම ගැනීමේ මාර්ගයට යම් අවහිරයක් සිදුවන බව වැටහා ගත හැකියි.  සමහරෙක්ට ගෙරවීම ඉතා වේගයෙන් සිදු වී පසුව කිසිදු ශබ්ධයක් නොමැතිවීම ඇතැම් විට සිදු වේ. මෙය ඉතාම භයානක තත්වයකි. මෙහිදී සිදුවන්නේ හුස්ම ගන්නා මාර්ගයේ සිදු වූ මාංශ පේශී හැකිලීම සම්පූර්ණයෙන්ම හැකිලී තිබීමයි. මෙහිදී ස්වසනය සම්පූර්ණයෙන්ම අඩාල වේ. මෙය තත්පර කිහිපයක් පැවතිය විට මොළයෙන් සංඥාවක් නිකුත් කර නිදා සිටි න පුද්ගලයාව අවදි කරනු ලබයි. ගොරවන පුද්ගලයින් ඉහත සඳහන් කළ නින්දේ ප්‍රබේද අතර ගැඹුරු නින්දකට යෑමකින් තොරව ඔවුන් මතුපිට අවධි අවස්ථාවට පැමිණීම සිදු  වේ. ඒ නිසාවෙන් මොළයට අවශ්‍ය සුවදායී නින්දක් ලබි ගැනීමට ඔවුන්ට අවකාශය නොලැබේ. එම පුද්ගලයින් අවධි වූ පසුවත් පසුවන්නේ පිබිදුනු මනසකින් නොවේ.ඒ මොළයට අවශ්‍ය නිසි විවේකය ඔවුන්ට නොලැබී ඇති නිසාවෙනි.

කුඩා දරුවන්ගේ හෝර්මෝන වර්ධනය සිදුවන්නේ නින්දේදීය. මෙලෙස ගෙරවීමේ තත්වයක් කුඩා දරුවෙක්ට දිගින් දිගටම පැවතියහොත් එය ඔවුන්ගේ ශරීරයේ වර්ධනය  ට , බුද්ධි වර්ධනය ආදියට ප්‍රබල බාදාවක් ඇති වේ. නින්දේදී ගෙරවීම සිදු කරන පුද්ගලයන්ට රිය ධාවනයේදී  අනතුරු සිදු වීමේ අවධානම අන් පුද්ගලයින්ට සාපේක්ෂව ඉහල බව දැක්විය හැකියි.

එමෙන්ම බෝ නොවන රෝග එනම් දියවැඩියාව, හෘද රෝග, අමතක වීම ආදී රෝග තත්වයන්ගේ මූලාරම්භය ලෙස නින්දේදී ගෙරවීමේ තත්වය බලපායි. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඉතාම නිරෝගීව පැවතිය යුතුයි. ඒ හේතුවෙන් මොළයේ නිසි ක්‍රියාකාරීත්වයකට නම් එයට නිසි විවේකයක් ලබා දීම සඳහා සුවදායී නින්දක් ලබාදීම අනිවාර්ය කරුණකි.  නිදි වරමින් පාඩම් කිරීම සෑම අතින්ම අහිතකර ක්‍රියාවකි. ජපානය වැනි දියුණු රටවල ආයතන වල දහවල් 12 ත් සවස 5ත් අතර කාලය තුළ නිෂ්පාදන ක්‍රියාවලියේ මන්දගාමී බවක් දැක ගැනීමට හැකිවිය. එයට හේතු වී ඇත්තේ දහවල් ආහාරයෙන් පසු සේවකයින් නිදිමත ගතියකින් යුක්තව උදාසීනව වැඩකටයුතු වල නිරත වීමයි. මෙයට පිළියමක් ලෙස  දහවල් ආහාර වේලෙන් පසු පැය භාගයක පමණ විවේකයක් ලබා දී නිදාගැනීමට අවස්ථාව ලබා දී ඇත. ඉන් පසු සේවකයින් විසින් ඉතා ඉහළ නිෂ්පාදන ක්‍රියාවලියක්  ආයතනය වෙත ලබා දී ඇත.

මෙලෙස නින්දේදී සිදුවන ස්වසන අපහසුතාවයන්ට විසඳුම් ලෙස

  • කුඩා දරුවන්ගේ නම් සෙම් ගෙඩි ඉවත් කිරීම මගින් මේ තත්වය වලක්වාගත හැක.
  • වැඩිහිටියන්ගේ නම් නාසික මාර්ගයේ නාස් කුහරය දෙකට බෙදෙන කොටසේ ඇද වීමක් ඇත්නම් එයද ශල්‍යකර්මයකින් සුව කර ගත හැකියි.
  • තල්ල ආශ්‍රිත ගැටළුවක් නිසා මෙම තත්වය පවතින්නේනම් එයටද සැත්කම් මාර්ගයෙන් ප්‍රතිකර්ම කරගත හැකියි.
  • එමෙන්ම නින්දේදී පැලඳිය යුතු සී පැක් මැෂින් නම් ආවරණය පැළඳීමෙන් මෙම තත්වය මගහරවා ගත හැකියි.

By Hansa Idiketiya

උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සිසිර ඇතුල්ගල මහතා සමග කල සාකච්ජාවක් ඇසුරෙනි.

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
0Email this to someone
email
Print this page
Print

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාඩම් කිරීමට ආශාවක් ඇති කරගන්නේ කෙසේද?

YouTube එකේ නරක Video හොයන්න අලුතින් සේවකයො 10,000